වේල්ල

අමුණෙන් ගලන අහසින් වැටෙන,
බිඳෙන් බිඳ පොදිය බැඳගෙන,
ඈත කුඹුරේ කිරට බබලන,
තාලෙට නටන ගොයම බලමින,
හිතුනත් එන්න කඩා බිඳගෙන,
ඉන්නේ මෙරක් හිතේ අහුරගෙන.

දකින කොට නුඹෙ අසිරිය,
ලාවට ඇසෙන ඒ සිලි සිලිය,
සුළඟට ලෙලෙන ඝන නිල් රැළිය,
සඳකැන් වලින් ගෙන රන් එළිය,
බලා ඉන්නේමි කර හිත සවිය.

ගිජු ලෙසින් එන මාන බලමින,
දුටු විට ළිහිණි උඩින් කැරකෙන,
මටත් ඉන්නට ලඟින් බැරි වෙන,
හිඳනෙම් කෙසේ හිතේ මැඩගෙන.
හිතේ ගලනා රිදුම් අරගෙන,
දෝරේ ගැලුවා බැම්ම බිඳගෙන.

ආසයි මමත් ළඟින් ඉන්නට,
කුඹුක හෙවනේ ගිමන් හරිනට,
හිමින් මුමුණන ගීය අහනට,
නුඹේ වරුණේ කවිය ලියනට.
නමුත් නොහැකිය වැරෙන් එන්නට,
හිඳමි සිරකර සෙමින් එන්නට.

Leave a Reply