ක්ෂේම භූමි

නොනිම් කතරක විසල් සයනෙක
හිඳිමි සිතුවිලි බොඳ වෙලා.
දුරස් එතෙරක අඩක් දස වස
ගියත් සිතුවිලි තර වෙලා.

යමහලක් වන් පැරණි මතකය
දෙනෙත් තෙත් කර රතු වෙලා.
නොහමනා යලි සුමදු සුළඟට
සිතින් බැඳි පෙම නොපෙනිලා.

දකින විට සේයා වුවත් අද
ගැස්ම හද මැද සිර වෙලා.
අදත් තවමත් හැඟුම් එහෙමයි
ගොහොරුවක මැද තනි වෙලා.

වුණත් නැවතුම් ගිමන්හල් වල
ක්ෂේම බිම දෙස නෙත් සලා.
දිලුනි මං ජාලයක ගිනි මැද
සිටිමි තව පෙරුමන් බලා.

Leave a Reply